Sunday, May 1, 2011

අපිත් ආසයි ජීවත්වෙන්න ....


අනේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට පිං සිද්දවෙනවා මාව බේර ගත්තට..කතා කරන්න බැරි උනාට අපිටත් වේදනාව දැනෙනවා හාමුදුරුවනේ..අපේ පැටව් කිරි බොනකොට අපිටත් ආදරෙ දැනෙනව මිනිස් අම්මලට වගේ...අපෙන් වැඩ අරගෙන පැටවුන්ට තියෙන කිරි ටිකත් අරගෙන අන්තිම අපිව මරලා මස් ටිකත් කන්න අපි කරපු වැරද්ද මොකද්ද හාමුදුරුවනේ...
මට මතකයි එදා අපිව අරන් යන්න ආපු මනුස්සයගෙන්දැනුනු ලේ ගඳ...එදා ඉඳන් මරණ බයෙන් හාමුදුරුවනේ ජීවත් උනේ...අපිව ගැටගහල බොන්න වතුර බිංදුවක්වක් නැතුව දවස් ගානක් ලොරියක දාගෙනයි මෙහාට අරන් ආවෙ...මාත් එක්ක හිටපු මගේ යාළුවො නැදෑයො ලොරිය ඇතුලෙම පිපාසෙන් මැරිල වැටෙනකොට ඇස් වලින් කඳුලු විතරක් වැටුනෙ අපිට කෑගහලා අඬන්න බැරි නිසයි හාමුදුරුවනේ..මගෙ පැටිය බයෙන් මට තුරුලු වෙලා ඉන්නකොට මට දැනුනු වේදනාව කියන්න තේරෙන්නෑ හාමුදුරුවනේ..
මෙහාට ගෙනත් දැම්මට පස්සෙ හැමදාම උදේ ඇහැරුනේ අද අර පේන කොක්කෙ එල්ලිලා ඉන්න වෙයි කියල බයේ හාමුදුරුවනේ...මගේ වටේ හිටපු යාළුවො එක එකා හැමදාම අරන් ගිහින් ටික වෙලාවකින් ඇහෙන සද්දෙට කන් දෙක වහගන්න මට අත් දෙකක් තිබ්බනම් කියල හිතුනු වාර අනන්තයි..අපෙ හමුදුරුවනෙ යාලුවො අරන් යනකොට එයාලගෙ ඇස් වල කඳුලු පිරිලා තිබ්බ හැටි මට හැමතිස්සෙම මැවිල පේනව හාමුදුරුවනෙ..
අන්තිමට මගෙ හුරතල් පැටියත් එක දවසක අරන් ගියා...අනේ ඒ කඳුලු පිරිලා තිබුන ඇස්වල තිබුන බය දැක්කට මට කරන්න දෙයක් තිබුනෙ නෑ හාමුදුරුවනේ..
ඒ අහිංසක පැටිය මරනකොට ඇහුනු සද්දෙ දැනුත්  දෝංකාර දෙනවා හාමුදුරුවනෙ..
ඔබ වහන්සේ අද මාව බේරගත්තට හැමදාම දහස් ගණනක් මං වගේ අහිංසක සත්තු අන්තිම ගමන් යනවා හාමුදුරුවනෙ..අපි කාගෙවත් මස් කන්නෑ හාමුදුරුවනේ..අපි කාටවත් කරදර කරන්නෑ පුලුවන් විදියට මිනිස්සුන්ට උදව් කරනව මිසක්...ඇයි හාමුදුරුවනෙ අපිට වඩා උසස් කියන මිනිස්සු එහෙනම් මෙහෙම කරන්නෙ...මට තේරෙන්නෑ හාමුදුරුවනෙ විනාඩි කීපයක රසයක්(කුණු ලේ මස් කොහොමද රස වෙන්නෙ කියල මම දන්නෑ) නිසා අපිව මෙහෙම මරල දාන්නෙ කියලා..
මිනිසුන්ට කියන්න හාමුදුරුවනෙ අපිත් ජීවත් වෙන්න ආසයි කියලා..තණකොළ ටිකක් කාල අපේ පැටව් සෙල්ලම් කරන දිහා බලන් ඉන්න ආසයි කියලා...කතාකරන්න බැරි උනාට අපේ ඇස් වලටත් කඳුලු එනව කියලා කියන්න හාමුදුරුවනෙ..

මේකත් අහල බලන්න..