Annual
robot competition එක දිනපු සුබෝධ මල්ලිගෙ comment එක දැක්කාම තමයි බ්ලොග් එක මතකයට ආවේ.ජයග්‍රහණයේ කතාවේ දෙවෙනි කොටස ලියන එක අමතක වෙලාම ගිහින් තිබුණෙ.පළවෙනි කොටස කියවපු නැති අයට ජයග්‍රහණයේ කතාව-1
2009 iNexus
ඉවර වෙනවත් එක්කම වගේ අපිට Annual robot competition එකට
සුදානම් වෙන්න වුණා.තරඟයට කලින් දවසෙ රෑ වෙනකොට අනික් අයට හොඳ අභියෝගයක් දෙන්න පුලුවන් තත්වයක රොබෝ හිටියමුත් මම කරපු ලොකු වැරදි තුනක් නිසා අවාසනාවන්ත විදියට අවසානයේදී ලබාගන්න පුලුවන් වුනේ සිව්වන ස්ථානයයි.කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන නිසා, මම කල මම කරපු පළමු වැරැද්ද තමා වෙනත් කණඩායමක sensor එකක් ඔවුන්ගේ තරඟවටයට පසු හුවමාරු කර ගැනීමට සිටීම.ඊළඟ වැරැද්ද තමා තරඟයට මොහොතකට පෙර code එකේ වෙනස් කමක් කිරීම.අනිත් එක තමයි restart එකදි ක්‍රියාකලයුතු ආකාරය ගැන සැලකිලිමත් නොවීම.මේක දැන් රොබෝ පාඩමක් වගේ වෙන නිසා වැඩි විස්තර කියන්නෙ නැහැ.
නැවත
වරක් ඉතා අවාසනාවන්ත විදියට පළමු වටයෙන්ම ඉවත්වන්න සිදුවුණේ රුහුණු සරසවියෙ පැවති eFor RoboGames තරඟයෙන්.තණ්හාය ජායතී සෝකෝ යන බුදුවදන පසක් කරමින් වැඩි ඝනක ගණනක් එකවර ගැනීමට නිර්මාණය කල අපේ රොබෝ පළමු වටයෙන්ම ඉවතට විසිවුණේ තරඟයේ ජයග්‍රහණය වරකට එක බැගින් ඝනක එකතු කල චානකගේ රොබෝට හිමිකර දෙමිනි.
IESL robot
competition එකන් සිව්වන ස්ථානය ගෙන 2010 inexus වලට සූදානම් වුණේ අලුත් බලාපොරොත්තුද සමඟිනි.එවර අපේ batch එකෙ සිටින හොඳම පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට අපට හැකි විය.අපේ ජයග්‍රහණයේ මූලික අඩිතාලම මෙය වූ බව මගේ හැඟීමයි.trical එකෙන් නිපුන එහෙමත් නැත්නම් අපි දන්න විදියට ගැජට්,cs එකෙන් හිරන්ත,tronic එකෙන් නිරෝශන්,චානක,මම සමඟ දෙවන වසරෙ අමිල අපේ කණ්ඩායමේ සාමාජිකයන් වුණා.
කණ්ඩායම්
හැඟීමත් කැපවීමත් විශේෂයෙන්ම වාසනාවත් නිසා පළමුවරට රොබෝ තරඟයක් ජය ගැනීමට අපට හැකි වුණා.එහෙදී ඇතිවුණ හැඟීම මට වචන වලට නඟන්න බැහැ.වසරක් මුලුල්ලේ කල කැපවීම් වල අවසාන ප්‍රතිඵලය..
ලංකාවේ තරඟය ජයග්‍රහණය කිරීමත් එක්කම අපිට ඉන්දියාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරඟයට සහභාගීවීමට අවස්ථාව ලැබුණා.අපේ කණ්ඩායමෙන් මමත් නිපුනත් දෙවන හා තුන්වන ස්ථාන ලබාගත් කණ්ඩායමුත් ඉන්දියාවේ පැවැත්වුණු තරඟයට සහභාගී වුනා.එහෙදි ලැබුන ආගන්තුක සත්කාර ගැන හිතනකොට අපේ මිනිස්සු කොච්චර හොඳද කියල හිතුනා.ඉන්දියා ගමන ගැනනම් වෙනම ලිපියක් ලියන්න තරම් දේවල් තිබුණත් robot competition එක ගැන විතරක් ලියන්නෙ ලිපියේ අරමුණ ඒක වන නිසයි.
අපිට කොහොම සත්කාර කලත් IIT එකට ස්තුතිවන්ත වෙන්න ඕනෙ ලංකාව වගේ රටකට මේ අවස්ථාව ලබාදීම ගැන.තරඟයට සහභාගි වුනු අනික් රටවල් ගැනත් යමක් කියන්න හිතුවා.ඉන්දියාවේ රොබෝ උපාංග ඕනෑ තරම් තිබුනත් ඔවුන්ගේ හැකියාවන් අඩු මට්ටමක තිබුන අතර ඉන්දියාවෙන්ම ආනයනය කල උපාංග වලින් නිර්මාණ කල අපේ රොබෝවන් ඊට වඩා ඉහල මට්ටමක තිබුනා.තායිලන්තයත් ඕස්ට්‍රේලියාවත් ඉතා හොඳ මට්ටමේ රොබෝවන් ඉදිරිපත් කර තිබුනා.අපට නොමිලේ ලැබුනු ටිකට් වලින් හය දෙනෙක් පමනක් ලංකාවෙන් යනවිට තායිලන්ත කණ්ඩායම වෙනුවෙන් පහළොවක පමණ පිරිසක් පැමිණ හිටියා.batch එකේ මිතුරන්ගෙන් ඉල්ලාගත් කොටස් වලින් අපේ රොබෝ සමන්විත වුනේ අපට තිබුණු සීමිත සම්පත් උපයෝගී කරගනිමිනුයි.එසේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් රොබෝ කෙනෙක් සෑදීමට තරම් ප්‍රමාණවත් අමතර උපාංග තිබුණා.
අවාසනාව නැවත වරක් අප පසුපස හඹා ආවේ knock out ක්‍රමයට පැවති තරඟ වලින් අප කණ්ඩායම් තුනම ඉවත් කරමිනුයි.තරඟය පෙර ඉතා හොඳින් ක්‍රියාකල රොබෝවන් තරඟයේ අපව පාවාදෙනු ලැබුවේ අපගේ නෙතට කඳුලක් එක්කරමිනි.ඒ පරාජයත් සමඟ සංදීප sri lankan competition එක දිනපු වෙලේ දාපු comment එකකින් ජයග්‍රහණයේ කතාවෙ දෙවෙනි කොටස ඉවර කරන්න හිතුවෙ iNexus 2011 තරඟය ගැන ඊලඟ ලිපියට කල් දමමින් "මොහොතක පරාජය යනු සිහිවටනයක් බඳු වූ ජයග්‍රහණයක් උදෙසා තබන යෝධ පියවරකි"