අපේ කට්ටිය.. |
කොට්ටාවෙදි කට්ටිය එකතු කරගෙන උදේ කෑමත් අරගෙන අවිස්සාවේල්ලට යන්න පිටත් උනා.අවිස්සාවේල්ලෙන් කිතුල්ගල බස් එකකට නැඟලා බස් එක දැන්මම යන පාටක් තිබ්බෙ නැති නිසා මමයි,බණ්ඩයි,චන්දිමයි පොඩ්ඩක් බස් නැවතුම් පොලේ ඇවිදින්න ගියා.
අපි ගිහින් විනාඩි 5ක් යන්නත් ඉස්සරින් බස් එක යන්න පිටත් වෙලා.පස්සෙ ආරංචි වුනු විදියට, සුනාරි ඩ්‍රයිවර්ට යාලුවො වගයක් එන්න තියෙනවා පොඩ්ඩක් ඉන්න කියල අපිව හොයන්න බස් එකෙන් බැහැල ගිය හැටියම ඩ්‍රයිවර් හොල්මනකට බය උනා වගේ යන්න පටන් ගත්තලු.බස් එකේ හිටපු මිනිස්සු කියපු විදියට එච්චර වේගෙන් ඒ පාරෙ කවදාවත් බස් ගිහින් නෑලු.
කොහොමහරි සුනාරි අපිව හොයාගෙන, බස් එක අපි එනකම් බලන් ඉන්නව කිව්ව නිසා(එයා හිතන් ඉඳල තියෙන්නෙ එහෙමයි :P )අපි හතරදෙනා අවිස්සාවේල්ල ටවුන් එක මැද්දෙ බස් එක තියෙන පැත්තට දුවල ගියාට බස් එක පේන්න තිබුනෙ නෑ.අපි එතන තිබ්බ ත්‍රී වීල් එකකට නැග්ගෙ බස් එක අල්ලන්න හිතාගෙන.බය වෙච්ච ඩ්‍රයිවර් ඒ වෙනකොටත් ගොඩක් දුර ගිහින් කියලා බස් එකේ හිටිය අපේ අනිත් අය කිව්ව නිසා බස් එක අල්ලන අදහස අතහැරල දුරගමන් බස් එකක යන්න සිදුවුනේ දෙවෙනි පාරටත් අපේ කට්ටිය දෙකට බෙදෙන්න සලස්වලයි.
යටියන්තොටදි අපෙ බස් එක ඉස්සර වුනත් කිතුලගලට අප දෙගොල්ලන්ටම වගේ එකවිට පැමිණෙන්න පුලුවන් වුනා.දවල් කෑම කිතුල්ගලින් අරගෙන ඔරු තොටට එනවිට දවල් 12ට කිට්ටු වෙලා.
බණ්ඩට වෙච්ච දෙයක්... |
මකුල් ඇල්ල |
ලෙන්තිරි ඇල්ල බලන්න ගිය එකනම් මකුලු ඇල්ල වගේ ලේසි උනේ නෑ.මකුලු ඇල්ලට යන පාරෙ වන සංරක්ෂණ එකෙන් බෝඩ් ගහල තිබ්බත් ලෙන්තිරි ඇල්ලට යන පාරේ තාම බෝඩ් ගහල නෑ.එකම පිහිටට තිබ්බෙ ලක්දසුන් එකෙ දාල තිබ්බ වාර්තාවක් තමයි.මුලිම හම්බුන තුන්මං හංදියෙන් හරි පැත්තට යන්න එකෙන් පුලුවන් වුනා.ඒත් ඊලඟ හංදියෙන් හැරෙන්න ඕනෙ පැත්ත වරද්දගෙන 600ම් විතර ගියාට පස්සෙ ආපහු හැරුනෙ වාර්තාවෙ තිබ්බ විදිහෙ බෑවුමක් හම්බුනේ නැති නිසයි.පාර වරද්දගන්න එක මම යන ට්‍රිප් වල සම්ප්‍රදාය නිසා මේකෙදිත් ඒක කඩකලේ නෑ.
ආපහු අන්තිම හංදිය ලඟට ඇවිත් අනික් පාරෙන් යන්න පටන් ගත්තත් හරි පාරේ යනව කියන විශ්වාසයක් නම් තිබුනෙ නෑ.මෙහෙම 1km විතර යනකොට අපිට කන්දක් නගින්න වෙලයි තිබ්බෙ.මේ වෙනකොට වෙලාව 3 පහුවෙලා තිබ්බ නිසත් දිය ඇල්ලක් ගැන කිසිම හෝඩුවාවක් තිබ්බෙ නැති නිසාත් තවත් විනාඩි 15ක් ගමන් කර ආපසු හැරී එන්න තීරණය කලා.මේ වෙනකොට නම් දිය ඇල්ල දැකීමෙ අදහස මාත් ඇතහැරල තිබ්බෙ අපි කන්දක් මුදුනට යනව වගේ තේරුණ නිසා.ආපු එකේ කන්දෙ මුදුනට වත් යන්න හිතාගෙන මම පිරිසෙන් මිදී ඉස්සර වුනා.
ලෙන්තිරි ඇල්ල |
ටිකින් ටික ලං වූ හූ හඬත් සමඟින් අපේ කට්ටියම අන්තිමට ලෙන්තිරි ඇල්ල පාමුලා ආවා.එන ගමනෙදි නලීන් අය්ය කිව්ව වගේ "මේක හම්බුනේ නැත්නම් අපේ ට්‍රිප් එක අසම්පූර්ණ වෙනව කියල මටත් ඒ වෙලාවෙ හිතුනා.දිය ඇල්ල පහලින් නතර වෙන්න අපි කාටවත් අදහසක් තිබ්බෙ නැති නිසා ප්‍රපාතාකර නැග්මක් ඔස්සෙ අපි ඇල්ල මුදුනට නඟින්න පටන් ගත්තා.එකිනෙකාගෙ සහයෝගයෙන් ඇල්ල මුදුනට නඟින එක හිතපු තරම් අමාරු උනේ නෑ.
ලෙන්තිරි ඇල්ල මුදුනට.. |
අන්තිමට විනාඩි 15න් ආපහු එන්න හිතන් ගිය ගමන ඉවර උනෙ දිය ඇල්ල මුදුනෙත් තව පැය බාගයක් විතර ගතකරලයි.කැලණි ගඟේ ටියුබ් පදින්න හිතාගෙන ඉක්මනට එන්න ආවත් ඔරු තොටට එනකොට වෙලව 5.30ත් පහු වෙලා.ඒක නිසා ටියුබ් පදින අදහස අත්හැරල ටිකක් නාගෙන ආපහු එන්න ආවෙ ඉතුරු දිය ඇලි දෙකත් බලල රාෆ්ටින් යන්න ආපහු දවසක එන්නත් හිතාගෙනයි.ගමනට එක් වුනු චන්දිම,දිනුත්,හිරන්ත,සුනාරි,මදුරංග(බණ්ඩා),ශර්මිලා,කුමුදුනී වගේම අපිට දවල් කෑම අරන් දුන්න නලින් අය්යවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.